Monday, March 8, 2021

මුව මවකි ඇය

මුව මවකි ඇය කුඩා මුව පොව්වෙකුට

නොහඳුනන බවකි නොතේරෙන බවකි

හරි හැටි ලොව ඇගේ පොඩි පුතුට

දින දෙක තුනකි ස්නේහයට

කඳුලකි දිගු නිල් නුවන් අග

විලාපයකි; සුසුම්ලෑමකි;

අඳුරු වූ එක් ක්ෂණයකි;

දරුණු උණ්ඩයකි තද

සියොලඟ කිලිපොලා යන රක්ත ලේ විදින්නකි

දුෂ්ට වෙඩි පහරකි,කුසට අහරක් පතා

ඇවිද ගිය ටික දුරට මෙවිපත වුණේ මට,

හැකිවට නොවේ පුත පණ අදිමින් මෙලෙස

කුසගින්නේම මම,පැමිණියේ ආපිටම

නැත තව වෙලා මට යන්නට සමුඅරන් සදහටම

ඔබෙන් සහ මහ වනෙන් දුර්ජනයන් කුසට,

දෙපා තිරිසනුන් පුත සොයනවා ඇත එමට

වැදුණු වෙඩි සමඟ මම කොහෙට වීදෝ රහසේම

පෙර දා රැයෙත් පුත;ඇසුණා මහා වෙඩි හඬ

වල් මීමන්;මුවන්;සාවුන්;ගජ ඇතුන්;

මේ වනෙන් ඔබ්බට හඬක් නොඇසෙන්නට,

වෙඩි තබා මරණ හඬ; මරගුල්ද රැසකි තැන තැන

ඔවුන් සිඳු මේ දිවියෙ රස බැලුමට දැන් මෙහි එයි විගස,

තව කිට්ටු වී මෙමට ඔබ වෙනුවෙන් උණන

අවසන් කිරි කඳුල උරා බීපන් පුත සදාකාලේටම,

තවත් ක්ෂණයකි;මද ඇසිල්ලකි;

මුව මව පැටියාට,බැරුවම වෙඩි වැදුණ පය

ඔසවා මහත් අපහසුව ගැසුවා විසිව යන්නට

කුඩා වන ලැහැබකට;දෙනතින් නිල් අහස

සුවසේ එහි පහස විද දරාගෙන; වැසුනා දිගැස

තිරිසන් නොමිනිසුන් කී ලෙසටම පැමිණ

සරු දඩයමකි අද කස්තුරි මුවෙක් ලෙස දැක,

තොලකට ලෙවකමින් සිට අනේ ඇය ඇද ගියා

සොබා දහමෙන් වෙන්කොට

සොබා දහමෙන් මෙලෙස සොඳුරු ජීවිත රැසක

අයිතිය උදුරගෙන;නිවනද අවුරගෙන;

නොමිනිසුන් තම ගත සුදු ඇඳුමින් වසාගෙන,

මුදලින්ම පරම කොට අදහන්නේම දෙවියෝය;

අමතක නැත ඇයට,ඇගේ දරුවන් වෙතට

ගෙන එන අවිදු ගණඳුර;සිහි කරනුය නියත,

පිටාර ගැලීමක්;මහා සුළි සුළඟක්;තද මහා වැස්සක්;

නාදුනන බොහෝ ලෙසකින් සොබා දම් කත,

ඇය නසන්නට වෙර දරන උන්හට;උනුන්හට;

ගෙන එයි නොයෙක් හිරිහැර,නොමිනිසුනි එය

ඇගෙ දරුවන් නසන්නට පෙර  සිහි කරනු දහස්වර

අප ඇගේ සගයන්; වන සතුන් ඇගේ දරුවන් බව "


K.A.C.ජයනී කපුගොඩආරච්චි

/ගන්කන්ද මධ්‍ය විද්‍යාලය (පැල්මඩුල්ල)

No comments:

Post a Comment