Tuesday, March 9, 2021

මිහිකතේ ජීවින්

මිහිකතේ සොඳුරු බව රැඳී    ඇත්තේ

ගස් මිනිස් වාසයෙන් පමණි   නොවේ

වන සතුන් සොබාදම සිරි       කරතේ

උන් රැකුම අපට මිස වෙන      කාටෙි

 

විල් පොකුණු දියෙන් මනරමින්    තිබේ

එනමුදුත් පාලු බව පිරී                  තිබේ

එහි නියම උරුමකරුවන්ද            සිටී

මනුසතුන් නිසා උන් සැඟව          සිටී

 

දලු කොළෙන් කොළට මුව රංචු   පිරී

ගස් වැලින් වැලට හනුමන්           පනිති

අලි පෙළින් පෙලට දිය                නාගනිති

දිවිතුමන් ගසක හිඳ බලා             සිටියි

 

විල් තෙරක හිඳින කිඹුලන්        රෑනයි

විල් ජලේ නටන මින්දද            රෑනයි

නෙලු කොලේ නිදන මැඩියන්  රෑනයි

වැව් දියේ ලගින මී ගව             රෑනයි

 

සමුදුරේ සිටින                         කැස්බෑවන්නේ

එහෙ මෙහෙ යනෙන ලොකු    මිනිදදනේ

ගල් මලින් පිරුණු මනරම්        පතුලෙ

මතුපිටින් දැකුම නොව එහි      ඇත්තේ

 

 කුණු රොඩුද දමයි මනුසතුන්          විසින්

උන් දිවි රැක ගන්නෙ බොහොම     දුකින්

නොහොබිනා ගති නිසයි                මිනිසුන්ගේ

දින දිනෙන් දිනට මියැදෙන්නේ     සතුන්

 

J.S. නිමේෂා ජයතිලක


No comments:

Post a Comment