මිහිකතේ සොඳුරු බව රැඳී ඇත්තේ
ගස් මිනිස් වාසයෙන් පමණි නොවේ
වන සතුන් සොබාදම සිරි කරතේ
උන් රැකුම අපට මිස වෙන කාටෙි
විල් පොකුණු දියෙන් මනරමින් තිබේ
එනමුදුත් පාලු බව පිරී තිබේ
එහි නියම උරුමකරුවන්ද සිටී
මනුසතුන් නිසා උන් සැඟව සිටී
දලු කොළෙන් කොළට මුව රංචු පිරී
ගස් වැලින් වැලට හනුමන් පනිති
අලි පෙළින් පෙලට දිය නාගනිති
දිවිතුමන් ගසක හිඳ බලා සිටියි
විල් තෙරක හිඳින කිඹුලන් රෑනයි
විල් ජලේ නටන මින්දද රෑනයි
නෙලු කොලේ නිදන මැඩියන් රෑනයි
වැව් දියේ ලගින මී ගව රෑනයි
සමුදුරේ සිටින කැස්බෑවන්නේ
එහෙ මෙහෙ යනෙන ලොකු මිනිදදනේ
ගල් මලින් පිරුණු මනරම් පතුලෙ
මතුපිටින් දැකුම නොව එහි ඇත්තේ
උන් දිවි රැක ගන්නෙ බොහොම දුකින්
නොහොබිනා ගති නිසයි මිනිසුන්ගේ
දින දිනෙන් දිනට මියැදෙන්නේ සතුන්
J.S. නිමේෂා ජයතිලක
No comments:
Post a Comment