ශ්‍රි ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් අතින් අතිශයින්ම ඉහළ රටකි. එහි සුන්දරත්වය වඩාත් තීව්‍ර කොට දක්වන්නේ සාගරය මඟිනි. සාගර ජල කඳ ගොඩබිම් වටකරගත්
ආරක්ෂක වලළල්ලක් මෙනි. සියලුම දේ වෙත සොබාදහම පැනවූ
සීමාවක් ඇත වෙරළ සංරක්ෂණය
වී පවතින තාක්කල් ගොඩබිමට සයුරින් විය හැකි අනාදර සීමිත වේ නමුත් වෙරළ රකිනු නොහැකි නම් වන
විනාශය අසීමිතය වෙරළ සංරක්ෂණය වැදගත් වන්නේ එහෙයිනි .
රටවටා කිලෝමීටර් 1700
පමණ දුර ප්‍රමාණයක විහිදී ගිය වෙරළ තීරය ආශ්‍රිතව මුහුදු පතුලේ සැඟව ඇති කොරල්පරල වෙරළාසන්නයේ විශාල වරාය දුර්ලභ ගණයේ විශාල මත්ස්‍ය වර්ග, වෙරළාශ්රිතව කඩොලාන ශාක වර්ග, කළපු, ගංගා, මෝය වැනි සංවේදී පරිසර පද්ධති බොහොමයක් පිහිටීම වෙරළ රටකට ලබා දෙන වටිනා සම්පතක් මෙන්ම එමගින් වෙරළ තීරයේ වටිනාකම සහ ආකර්ෂණිය බව වැඩි දියුණු වේ. වර්තමාන සමාජ ක්‍රියාවලිය තුළ මෙකී සම්පත්වල ඵළ නෙලන්නෝද අපමණය. එය ක්‍රමානුකූලව සිදු කිරීම මගින්
රටට ආදායම් මාර්ග සලසා දීම ධීවර කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය සංවර්ධනය වීමෙන් සිදු වේ.
ශ්‍රි ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් 24% ක්ම වෙරළ කලාපයට අයත් වන අතර දිස්ත්‍රික්ක 14ක් ප්‍රදේශිය ලේකම් කාර්යාල 74ක් පුරා වෙරළ කාලාපය ව්‍යාප්ත වී පවති. ශ්‍රි ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ 67% ක්ම ව්‍යාප්ත වී ඇත්තේ වෙරළ කලාපයේ වන අතර විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය ගැන සලකා බලන විට මුළු සංචාරක ව්‍යාපාරයෙන් 80 %ක් ව්‍යාප්ත වී ඇත්තේ වෙරළ කලාපය තුළ වෙරළාශ්‍රත එසේම ධීවර කර්මාන්තයේදී මත්ස්‍ය නිෂ්පාදනයන්ගේන් 80% ක්ම ලැබෙනුයේ වෙරළ ආශ්‍රිත ධීවර කර්මාන්තයෙනි.
නමුදු වර්තමානය තුළ ඇතැමුන්ගේ අදූරදර්ශි ක්‍රියාපටිපාටියේ ප්‍රතිඵලයක් ලෙස දිනෙන් දින වෙරළ බඩ ප්‍රදේශ සංකීර්ණ වීම වෙරළ විනාශය වීමට හේතු වී ඇත
ඊට බලපාන ලබන හේතු කිහිපයකි
■ වෙරළ තුල අනවසර ඉදිකිරීම්
■ කොරල්පර කැඩීම
■ අනවසර වැලිගොඩ දැමීමේ (යන්ත්‍ර සූත්‍ර මගින්)
■ කඩොලාන ශාක
පද්ධතිය විනාශ කිරීම ආදිය හේතු වේ
ඉහතින් දක්වන ලද කරුණු වලින් කිහිපයක් පිළිබඳ වැඩිදුරටත් විස්තර කර මෙසේ දැක්විය හැකිය
■ කොරල්පර කැඩීම
■ කඩොලාන ශාක ප්‍රජාව විනාශ කිරිම
මේ ආකාරයේ නොමනා මිනිස් ක්‍රියාකාරකම් මගින් විනාශයට බඳුන් වන වෙරළ සංරක්ෂණය කිරීම උදෙසා අනුගමනය කළ හැකි පියවරයන් කිහිපයක් පවතී ඒවා නම්
■ රටෙහි පවතින නීති රීති ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමට උපරිමයෙන් යොදා ගැනිම
■ පාසල් කාලයේ සිට පුරවැසියන් දැනුවත් කිරීම
■ වෙරළ
සංරක්ෂණය පිළිබඳ පෝස්ටර් බැනර් ආදිය ප්‍රදර්ශනය කිරිම
■ කුඩා දරුවන් තුළින් වැඩි වශයෙන් මෙම පණිවිඩය සමාජයට යැවීම
■ කඩොලාන ශාක වෙරළබඩ ප්රදේශයන්හි ව්යාප්ත කිරීම
■ ගල් වැටි දමා වෙරළ
ඛාදනය අවම කිරීම (රැලි පනාව ඉදිකිරිම)
■ සංරක්ෂණයට එරෙහිවන්නන් නීතියේ රැහැනට හසු කිරීම
■ එබඳු පුද්ගලයන්හට ප්‍රසිද්ධියේම විරුද්ධ වීම ආදිය දැක්විය හැක
එසේම රජය මගින් වෙරළ සංරක්ෂණය සඳහා දෙපාර්තමේන්තුවක් පත් කර ඇති අතර එමඟින් වෙරළ සංරක්ෂණය උදෙසා පනත් කිහිපයක් හඳුන්වා දී තිබේ ඒවා නම්
■ 1981
අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත
■ 1988
අංක 64 වෙරළ සංරක්ෂණ පනතේ (සංශෝධනය පනත වේ )
මෙම රාජ්‍ය ආයතන මඟින් ද වෙරළ සංරක්ෂණය උදෙසා මහඟු සේවාවක් ඉටු කරනු ලබයි.
මේ ආකාරයට ඉන්දියන් සාගරයේ මුතු ඇටය බඳු වූ අප ලක් දෙරණේ දීප්තිමත් බව වැඩි කරන ගෝලීය ජෛව පද්ධතියේ ප්රමුඛතම අංගයක් වන සුන්දර වෙරළ සම්පත ආරක්ෂා කරගැනීම සියලුම ලාංකිය පුරවැසියන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ.
සෙව්වන්දි
වික්‍රමසිංහ
සමාජ විද්‍යා පීඨය
කැළණිය විශ්වවිද්‍යාලය.


No comments:
Post a Comment